රසායන විද්‍යාව
From Wikipedia, the free encyclopedia
රසායන විද්‍යාව (ඊජිප්තු බසින් keme යනු පෘථිවිය යන්නයි) යනු පදාර්ථය සෑදී ඇති ආකාරය යොදාගත හැකි ආකාර , සංයෝජනයන් ගැන හැදෑරීම මෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක අභ්‍යන්තරය හැදෑරීමයි. අතීතය දෙස හැරී බලන විට රසායන විද්‍යාව ඇල්කෙමි යුගයෙන් ඉවත්ව නූතන රසායන විද්‍යාව ආරම්භවීම 1773 දී සිදු වූ රසායන විද්‍යා විප්ලවයෙන් සිදුවුනි. රසායන විද්‍යාව යනු න්‍යෂ්ටි , පරමාණු, ස්ඵටික මෙන්ම සමස්ත පදාර්ථය පිළිබදව තනි තනිව හෝ සංයෝග වශයෙන් භෞතිකව හැදෑරීමයි. එමෙන්ම එයට ශක්තිය හා එන්ට්‍රොපි පිළිබදව සංකල්ප ද ඇතුළත් වේ.
රසායන විද්‍යාව හැදෑරීමේ පහසුව සදහා එය එහි හැසිරීම් අනුව කොටස්වලට වෙන් කර ඇත. ඒවා නම් අකාබනික රසායනය එනම් අකාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. කාබනික රසායනය , කාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. ජෛව රසායන විද්‍යාව එනම් සතුන්ගේ විවිධ පද්ධතිවලදී හමුවන රසායන ද්‍රව්‍ය පිළිබද හැදෑරීම.භෞතික රසායන විද්‍යාව පදාර්ථයේ විවිධ පද්ධතින්වලට නියමිත ප්රමාණවල ශක්තිය පිළිබද හැදෑරීම. ප්‍රමාණාත්මක රසායන විද්‍යාව එනම් යම්කිසි ද්‍රව්‍යයක් සෑදී අති ද්‍රව්‍ය පිළිබද හැදෑරීම හා එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබද හැදෑරීම. එමෙන්ම තවත් බොහෝ විශේෂිත කොටස්වලට නූතනයේදී රසායන විද්‍යාව බෙදී පවතී. උදා - ස්නායු රසායන විද්‍යාව එනම් ස්නායු පිළිබදව රසායනිකව සිදු කරන හැදෑරීමයි.