ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
From Wikipedia, the free encyclopedia
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු ස්විට්සර්ලන්තයෙහි, ලොසාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, ජාත්‍යන්තර, ලාබ-නොඋපයන, රාජ්‍ය-නොවන සංවිධානයක් වන අතර, 1894 ජූනි 23 දිනදී පියරේ දි කුබර්ටින් විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ දිමිත්‍රියස් විකේලස් වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.
ආදර්ශ පාඨය | වේගය, උසස් බව, ශක්තිය |
---|---|
සංස්ථාපනය | ජුනි 23, 1894 (1894-06-23) |
වර්ගය | ක්‍රීඩා සම්මේලනය |
මූලස්ථානය | ලොසාන්, ස්විට්සර්ලන්තය |
Membership | ක්‍රියාකාරී සාමාජිකයින් 105යි ගෞරවනීය සාමාජිකයින් 32යි බහුමාන සාමාජිකයින් 02යි |
නිල භාෂා | ඉංග්‍රීසි ප්‍රංශ |
ගරු සභාපති | ජාකස් රොගී[1] |
සභාපති | තෝමස් බැච්[1] |
උප සභාපතිවරු | යූ සයිජිං ජේ.ඒ.සමරාන්ච් යුගාර් එඩ්නර් ඇනීටා දි ෆ්රාන්ට්ස්[1] |
වෙබ් අඩවිය | olympic.org |
සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන ඔලිම්පික් සහ තරුණ ඔලිම්පික්, අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු ගිම්හාන ඔලිම්පික් පැවතියේ, 1896 වසරෙහිදී ග්‍රීසියෙහි, ඇතන්ස් නගරයෙහිදීය; 1924 වසරෙහිදී පළමු ශීත ඍතු ඔලිම්පික් තරග පැවතියේ ප්‍රංශයෙහි, ෂමනී නගරයෙහිදීය.