ආවර්තිතා වගුව
From Wikipedia, the free encyclopedia
මූලද්‍රව්‍යයක රසායනික ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම එම මූලද්රව්යපරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත පදනම් වන අතර ඒ අතරින් ද සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ඉතාම වැදගත් වේ. උදාහරණයක් ලෙස p උප ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් දරන එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක් අතර රසායනික වශයෙන් පොදු ලක්ෂණ දැකගත හැක. ආවර්තිතා වගුවේ කිසියම් මූලද්‍රව්‍යයක් අඩංගු වන ගොණුව එම මූලද්‍රව්‍ය පරමාණුවක සංයුජතා ඉලෙක්ට්‍රෝන අයත් වන උප ශක්ති මට්ටම් මත තීරණය වන අතර මූලද්‍රව්‍ය අයත් කාණ්ඩය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත තීරණය වේ.