ට්‍රාන්සිස්ටරය
transistor / From Wikipedia, the free encyclopedia
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරවද්‍යතාවය නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
== හැඳින්වීම == ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටර් ස්විචීචයක් හැටියටද භාවිතා කරයි. ( XXX )