තාරකා භෞතික විද්‍යාව
From Wikipedia, the free encyclopedia
තාරකා භෞතික විද්‍යාව යනු, මන්දාකිණි හා තාරකා වැනි ආකාශ වස්තූන්ගේ භෞතික ගුණ(දීප්තිය , ඝනත්වය , උෂ්ණත්වය හා රසායනික සංයුතිය) එම වස්තූන් අතර පවත්නා මාධ්‍යය හා ඒවායේ අන්තර් ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනයට අදාල තාරකා විද්‍යාවේ ශාඛාවයි. අභ්‍යාවකාශ විද්‍යාෙව් වඩාත් ගැඹුරින් කරන අධ්‍යයනයන් ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදයේ සිද්ධාන්ත විශාල වශයෙන් භාවිතා වන සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව දෙසට නැඹුරු වේ.
තාරකා භෞතික විද්‍යාව ඉතා පුළුල් විෂයක් නිසාවෙන් තාරකා භෞතික විද්‍යාඥයින් යාන්ත්‍ර විද්‍යාව , විද්‍යුත් චුම්භකත්වය , ස්ථිතික යාන්ත්‍ර විද්‍යාව , තාපගති විද්‍යාව , ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව , සාපේක්ෂතාවාදය , න්‍යෂ්ටික සහ ප්‍රායෝගික භෞතික විද්‍යාව සහ පරමාණුක සහ අණුක භෞතික විද්‍යාව වැනි බොහෝ භෞතික විද්‍යා ක්ෂේත්‍ර සිය කටයුතු සඳහා භාවිතා කරති. නුතන තාරකා විද්‍යාත්මක ගවේෂණ බොහොමයක් භෞතික විද්‍යාව මත පදනම් වී ඇත. විශ්ව විද්‍යාල දෙපාර්තමේන්තුවක නම (නක්ෂත්ර භෞතිකය හෝ තාරකා විද්‍යාව) බොහෝ විට ඊට අදාල වැඩ සටහනේ අඩංගු දේට වඩා දෙපාර්තමේන්තු ඉතිහාසය සමග බැඳී තිබේ. නක්ෂත්ර භෞතිකය ප්‍රථම උපාධි, විශේෂඥ , ආචාර්ය උපාධි මට්ටමින් ගඟන සහ අභ්‍යාවකාශ ඉන්ජිනේරු විද්‍යාව , භෞතික විද්‍යාව හෝ තාරකා විද්‍යාව යටතේ බොහෝ විශ්ව විද්‍යාල තුළ දී අධ්‍යයනය කළ හැක.