ප්‍රකාශ විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ප්‍රකාශ විද්‍යාව , පදාර්ථ සමග ආලෝකයේ අන්තර් ක්‍රියා හා ආලෝකයේ ගතිගුණ හා ආලෝකයේ හැසිරීම විස්තර කරන විද්‍යාව යි. ප්‍රකාශ විද්‍යාව ප්‍රකාශ සංසිද්ධි විස්තර කරයි.
ප්‍රකාශ විද්‍යා ක්ෂේත්රය සාමාන්‍යයෙන් දෘශ්‍ය , අධෝරක්ත හා පාරජම්බුල ආලෝකයේ හැසිරීම අධ්‍යයනය කරයි. කෙසේ නමුත් ආලෝකය විද්‍යුත් චුම්භක තරංගයක් නිසා , X - කිරණ , ක්ෂුද්‍ර තරංග, ගුවන් විදුලි තරංග හා වෙනත් ආකාරවල විද්‍යුත් චුම්භක විකිරණවල ද ආලෝකය ඒ හා සමාන සංසිද්ධි සිදු වන අතර එවැනි ම සංසිද්ධි ආරෝපිත අංශු කදම්භ වලද සිද්ධ වේ. ප්‍රකාශ විද්‍යාව බොහෝ දුරට විද්‍යුත් චුම්භකත්වයේ උපක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකි ය. සමහර ප්‍රකාශ සංසිද්ධියක් ආලෝකයේ ක්වොන්ටම් ස්වභාවය මත රදා පවතී. නමුත් බහුතරයක් වූ ප්‍රකාශ විද්‍යා සංසිද්ධි ආලෝකයේ විද්‍යුත් චුම්භක තරංගයක් ලෙස සලකා මැක්වෙලීගේ සමීකරණය භාවිතයෙන් පැහැදිලිකල හැකි ය.
ප්‍රකාශ විද්‍යා ක්ෂේත්රයටම අයිති වූ අනන්‍යතාවක්, සමාජයක් (සංසදයන්) හා සංවාදයන් පවතී. ක්ෂේත්රයේ ශුද්ධ විද්‍යා දශාවන් නිතරම ප්‍රකාශ විද්‍යාව බොහෝ විට ප්‍රකාශ ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වයි. ප්‍රකාශ ඉංජිනේරු විද්‍යාවේ යෙදීම් ප්‍රදීපන ඉංජිනේරු විද්‍යාව නම් වන ප්‍රදීපන පද්ධති නිරූපිත වශයෙන් සම්බන්ධ වේ. මෙම එක් එක් නීතීන් ඒවායේ යෙදීම් තාක්ෂණික කුසලතාවයන්, නාභිගත කිරීම (නාභිය), වෘත්තිය අනුබද්ධ කිරීම්වල දී තරමක් වෙනස් වීමට නැඹුරු වේ. බොහෝ ප්‍රකාශ ඉංජිනේරු විද්‍යාවේ මෑත කාලීන නව්‍යකරණයන් ෆෝටෝන විද්‍යාව හා දෘෂ්ටි ඉලෙක්ට්‍රෝන විද්‍යාව ලෙස බොහෝ විට වර්ග කරයි. මෙම ක්ෂේත්‍ර හා ප්‍රකාශ විද්‍යාව අතර සීමාවන් බොහෝ විට අපැහැදිලි වන අතර වචන ලෝකයේ විවිධ කොටස් සහ කර්මාන්තවල විවිධ ප්‍රදේශවල එම අර්ථය වෙනස් ලෙස භාවිතා කරයි.
සත්‍ය ලෝකයේ යෙදීම්වලට ආලෝකයේ විද්‍යාත්මක යෙදීම් පුළුල් නිසා , ප්‍රකාශ විද්‍යාවේ කොටස් හා ප්‍රකාශ විද්‍යා ඉංජිනේරු විද්‍යාව ඉතා සංකීර්ණ හික්මවීම ඇති කිරීමට නැඹුරු වී ඇත. ප්‍රකාශ විද්‍යාව විදුලි ඉංජිනේරු විද්‍යාව , භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව , වෛද්‍ය විද්‍යාව (විශේෂයෙන් අක්ෂි විද්‍යාව හා දෘෂ්ටිමිතිය) සහ තවත් දෑ අන්තර්ගත බොහෝමයක් නීතීන් ආශ්රිත කොටසකි. අමතරව , ප්‍රකාශ විද්‍යාවේ හැසිරීම පිළිබඳ අතිශය සම්පූර්ණ විස්තරය භෞතික විද්‍යාවට අනුව, බොහෝ ප්‍රශ්න අනවශ්‍ය ලෙස අවුල්වන නිසා සුවිශේෂ සුළු කළ මාදිලි භාවිතා කරයි. මෙම සීමිත මාදිලි සම්බන්ධ නොමැති හැසිරීම නොසලකා හරිමින් සහ/හෝ සැළකිලි පද්ධතියට අනාවරණය කරගත නොහැකි ප්‍රකාශ සංසිද්ධි උප කුලක ප්‍රමාණවත්ව විස්තර කරයි.