ප්‍රතිරෝධකය
දරිත්රක / From Wikipedia, the free encyclopedia
ප්‍රතිරෝධකයක් යනු විද්‍යුත් පරිපථයකින් හෝ උපාංගයකින් ගලන ධාරාව හෝ විභවය (වෝල්ටීයතාව) හෝ මෙම අවස්ථා දෙකම එකවර පාලනය කිරීම සඳහා භාවිතා වන උපක්රමයකි. ප්‍රතිරෝධක මගින් ගලන ධාරාව පාලනය කිරීමට, යම් සංඥාවක ප්‍රමාණය සැකසීමට, ස්ථායීකරණයට හෝ වෙන්කිරීම සිදුකළ හැකිය.ප්‍රතිරෝධක විවිධ විශාලත්වයෙන්, හැඩයෙන් හා වොට් අගයන්ගෙන් සමන්විත වේ. එමෙන්ම විචල්‍ය ප්‍රතිරෝධක හා ස්ථිර ප්‍රතිරෝධක ලෙස වර්ග දෙකකි. ඉහළ වොට් අගයකින් යුතු ප්‍රතිරෝධක වලින් තාපය ලෙස සැළකිය හැකි තරම් විද්‍යුත් ප්‍රමාණයක් පිට වේ.