ඌර්ධ්වහනුක අස්ථිය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය පෘෂ්ඨවංශීන්ගේ ඌර්ධ්වහනුක අස්ථිය පිලිබඳ වේ. ආත්‍රොපෝඩාවන්ගේ හනුක උපාංගය සඳහා සඳහා, හනුක උපාංගය (ආත්‍රොපෝඩාවන්ගේ මුඛඋපාංගය) බලන්න.
ඌර්ධ්වහනුක අස්ථිය (ඉංග්‍රීසි: maxilla /mækˈsɪliː/)[2] යනු ඌර්ධ්වහනුක අස්ථි දෙකක් සංයුක්ත වීමෙන් සෑදුණු උඩු හනුක අස්ථිය යි. උඩුහනුවට මුඛයේ තල්ල ද අයත් වේ.[3][4] මෙම ඌර්ධ්වහනුක අස්ථි යුගලය සංයුක්ත වී ඇත්තේ අන්තර් ඌර්ධ්වහනුක සීවනිය මගිනි. මෙය අධෝහනුක අස්ථියට (යටිහනුව) සමාන ය. එය ද අධෝහනුක අස්ථි යුගලක් අධෝහනුකයෝගයේ දී සංයුක්ත වීමෙන් සෑදුණකි.
Quick Facts ඌර්ධ්වහනුක අස්ථිය, තොරතුරු ...
ඌර්ධ්වහනුක අස්ථිය | |
---|---|
තොරතුරු | |
පූර්වජ | 1වන ජලක්ලෝම චක්‍රය[1] |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.157 |
MeSH | A02.835.232.781.324.502.645 |
Dorlands /Elsevier | Maxilla |
TA | A02.1.12.001 |
FMA | 9711 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close
ඇතැම්විට අස්ථික මසුන්ගේ මෙන්, ඌර්ධ්වහනුක අස්ථිය "ඉහළ මැක්සිලාව", ලෙසත්, අධෝහනුක අස්ථිය "පහළ මැක්සිලාව" ලෙසත් හඳුන්වනු ලැබේ. මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින්, පක්ෂීන්ගේ උඩුහනුව බොහෝවිට "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වන අවස්ථා ඇත.