කන
From Wikipedia, the free encyclopedia
කන යනු ශ්‍රවණය සඳහාත්, ක්ෂීරපායීන් තුළ සමබරතාව පවත්වාගැනීම සඳහාත්, වැදගත් වන අවයවයයි. ක්ෂීරපායීන් තුළ කන ප්‍රධාන කොටස් තුනකට බෙදා විස්තර කෙරේ—එනම් බාහිර කන, මැද කන සහ ඇතුළු කන ලෙසයි. බාහිර කන යටතට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ. බොහෝ සතුන්ගේ බාහිර කන පමණක් පිටතට දිස්වන නිසා "කන" යන වදන බොහෝ විට එහි බාහිර කොටසට භාවිතා කරන දැකිය හැක.[1] මැද කන යටතට, කර්ණපටහ කුටීරය සහ කර්ණ අස්ථිකා තුනක් අයත් වේ. අස්ථිමය ගහනය තුළ ඇතුළු කන පිහිටා ඇති අතර, එය නොයෙකුත් සංවේදනයන් ප්රතිග්රහණයට වැදගත් වන විවිධ ව්‍යුහ දරයි: ඒ අතර ක්ෂණික චලනවලදී දේහ සමතුලිතතාව පවත්වා ගැනීමට වැදගත් අර්ධ චක්රාකාර නාල, ස්ථිතික සමතුලිතතාව සඳහා වැදගත් තුම්භිකාව සහ ස්‍යෝනිකාව ද, ශ්‍රවණය සඳහා වැදගත් කර්ණශංඛය යන ව්‍යූහ වැදගත් වේ. පෘෂ්ඨවංශීන්ගේ කන හිසේ දෙපස යම් සමමිතික ආකාරයකින් ස්ථානගත වී පවතී.
කන | |
---|---|
තොරතුරු | |
ලතින් | ඔරිස් |
පද්ධතිය | ශ්‍රවණ පද්ධතිය |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1029 |
MeSH | D004423 |
TA | A01.1.00.005 A15.3.00.001 |
FMA | 52780 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
කන වර්ධනය වන්නේ මුල් කලලයේ පළමු ග්‍රසනික මඩියෙන් සහ බහිෂ්චර්මයෙන් ඇති වන ශ්‍රවණ ඵලකාභයෙන් හටගන්නා ඉදිමුම් හයකිනි.
නොයෙකුත් ආසාදන සහ අනතුරු හේතුවෙන් කනට හානි සිදු විය හැක. කනේ ඇතිවන රෝග හේතුවෙන් බිහිරිභාවය සහ සමබරතාවේ අක්‍රමවත් භාවයන් ඇති විය හැක. බොහෝ විට මෙවැනි තත්ත්ව හටගන්නේ මොළයේ හෝ කන වෙ. දිවෙන ස්නායුවලට සිදුවන හානි නිසායි..
වසර දහස් ගණනක සිට නොයෙකුත් සංස්කෘතීන් විසින් කරාඹු වැනි ආභරණ භාවිතයෙන් කන් සරසනු ලබයි.