මැල්කම් රංජිත් හිමිපාණෝ
From Wikipedia, the free encyclopedia
බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර් 1947) යනු, කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු (Metropolitan Archbishop) වෙති.
Quick Facts අති උතුම් මැල්කම් රංජිත්, Province ...
අති උතුම් මැල්කම් රංජිත් | |
---|---|
කොළඹ අග රදගුරු කාදිනල් තුමා | |
Province | කොළඹ |
Diocese | කොළඹ |
ශ්රද්ධාසනය | කොළඹ, ශ්‍රී ලංකාව |
Appointed | 16 ජූනි 2009 |
Installed |
|
පූර්වප්‍රාප්තිකයා | ඔස්වල්ඩ් ගෝමිස් |
Other posts | Cardinal-Priest of S. Lorenzo in Lucina |
Orders | |
Ordination | 29 ජූනි 1975 |
Consecration | 17 ජූනි 1991 by නිකලස් මාකස් ප්‍රනාන්දු |
Created cardinal | 20 නොවැම්බර් 2010 |
Rank | කාදිනල්-පූජාප්‍රසාදින් වහන්සේ |
Personal details | |
Birth name | ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් |
Born | 15 නොවැම්බර් 1947 (1947-11-15) (වයස 76) පොල්ගහවෙල, ශ්‍රී ලංකාව |
Nationality | ශ්‍රී ලාංකික |
Denomination | රෝමානු කතෝලික |
Parents | දොන් විලියම් සහ මේරි විනිෆ්රිඩා |
Previous post |
|
Coat of arms |
Close
කාදිනල් රංජිත් කාඩිනල් තුමා, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇත.[1]