ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ පිහිටි රටක් / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය Democratic Socialist Republic of Sri Lanka இலங்கை ஜனநாயக சோசலிச குடியரசு (දෙමළ) | |
---|---|
අගනුවර | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන) කොළඹ (වාණිජ) |
විශාලතම නගරය | කොළඹ |
නිල භාෂා(ව) | සිංහල දෙමළ |
Recognized | ඉංග්‍රීසි |
ජනවාර්ගික කණ්ඩායම් (2012) | සිංහල - 74.9%
ශ්‍රි ලාංකීය දමිළ - 11.15% ඉන්දීය දමිළ - 4.12% ශ්‍රී ලාංකීය යෝනක - 9.3% බර්ගර් - 0.19% මැලේ - 0.22% වෙනත් - 0.13% |
ආගම | බෞද්ධ - 70.19%
හින්දු - 12.61% ඉස්ලාම් - 9.71% රෝමානු කතෝලික - 6.10% වෙනත් ක්‍රිස්තියානි - 0.35% වෙනත් - 0.05% |
ජාති නාම(ය) | ශ්‍රී ලාංකික |
රජය | ඒකීය අර්ධ-ජනාධිපතිමය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි |
රනිල් වික්‍රමසිංහ | |
දිනේශ් ගුණවර්ධන | |
මහින්ද යාපා අබේවර්ධන | |
ජයන්ත ජයසූරිය | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
නිදහස | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 65,610 km2 (25,330 sq mi) (122වන ස්ථානය) |
• ජලය (%) | 4.4 |
ජනගහණය | |
• 2012 ජන සංගණනය | 20,277,597[1] (57වන ස්ථානය) |
• ඝණත්වය | 309/km2 (800.3/sq mi) (40වන ස්ථානය) |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.237.791[2] |
• ඒක පුද්ගල | ඇ.ඩො.11,189[2] |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.82.239[2] |
• ඒක පුද්ගල | ඇ.ඩො.3,870[2] |
ගිනි (2019) | 0.46[3] පහළ |
මාසද (2019) | 0.782[4] ඉහළ · 72වන ස්ථානය |
ව්‍යවහාර මුදල | ශ්‍රී ලංකා රුපියල (LKR) |
වේලා කලාපය | UTC+5:30 (SLST) |
දින ආකෘති |
|
රිය ධාවන මං තීරුව | වම |
ඇමතුම් කේතය | +94 |
ISO 3166 code | LK |
අන්තර්ජාල TLD | |
වෙබ් අඩවිය gov.lk |
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි.
ශ්‍රී ලංකාව ලෝක උරුම ස්ථාන අටක්, සැතපුම් ගණනක් පුරා විහිදුනු රන්වන් වැලි සහිත වෙරළවල්, වැසි වනාන්තර සහ කඳුකර තේ වතු සහිත ඉතා සුන්දර දූපතකි. නිවර්තන වනාන්තර, වෙරළ සහ භූ දර්ශනවල ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය, එය ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය.
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ. එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ථෙරවාද බෞද්ධයන් වේ. එනම් මිලියන 15 ක් පමණ වේ. එය ලොව 6 හෝ 5 වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආගම ථෙරවාද බෞද්ධ වන අතර 12% හින්දු භක්තිකයන්, 9% ඉස්ලාම් භක්තිකයන්, 7% ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වෙති.
බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ.
ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි. කෝට්ටේ රාජධානියේ විශාල දේශපාලන අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ සමුද්‍ර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කළ අතර ශ්‍රී ලංකාවේ කොටසක් පසුව පෘතුගීසි සන්තකයක් බවට පත්විය. සිංහල පෘතුගීසි යුද්ධයෙන් පසු ලන්දේසීන් සහ මහනුවර රාජධානිය එම ප්‍රදේශ පාලනය කර ගත්හ. පසුව ලන්දේසි දේපල බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත් අතර, පසුව ඔවුන් මුළු දිවයිනම තම පාලනය ව්‍යාප්ත කර, 1815 සිට 1948 දක්වා එය යටත් විජිතයක් බවට පත් කළහ. ශ්‍රී ලංකාවේ වඩාත් මෑත ඉතිහාසය වසර 26 ක සිවිල් යුද්ධයකින් විනාශ වූ අතර එය 1983 දී ආරම්භ වී 2009 දී තීරණාත්මක ලෙස අවසන් වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ ය.
ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ.
ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. කුරුඳු, තේ, කෝපි, රබර් සහ පොල් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව ප්රගතිශීලී නවීන කාර්මික ආර්ථිකයක් දරයි. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර මානව සංවර්ධන දර්ශකයේ 72 වැනි ස්ථානයට පත්ව ඇත. එය සංවර්ධනය අතින් ඉහළම ශ්‍රේණිගත දකුණු ආසියානු ජාතිය වන අතර දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ඒක පුද්ගල ආදායම ද ඔවුනට හිමිය; කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඒකකය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් හේතුවෙන් දේශපාලන සහ මානුෂීය අර්බුදයක් ඇති වී තිබේ. එය වීදි විරෝධතා පුපුරා යාමට ද හේතු වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් විය යුතු බවට පුරවැසියන් බලකිරීම හේතුවෙන් හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දුරයෙන් ද ඉවත් විය.