ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව නමැති ස්වෛරීය රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සැප්තැම්බර 7 වන දිනදී ජාතික රාජ්‍ය සභාව විසින් එය ප්‍රඥාපනය කරණලදී. මෙය ජනරජයක් වූ ශ්‍රී ලංකාවේ දෙවන ව්‍යවස්ථාව වන අතර, ලංකාව නමින් 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . 2015 අප්‍රියෙල් වන විට එය 19 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.1978 ව්‍යවස්ථාව මගින් බොහෝ දුරට ගෝලිස්ට් ආණ්ඩුක්‍රමයක් පිළිඹිබු කරයි