ශ්‍රී ලංකාවේ බුද්ධාගම
ශ්‍රී ලංකාවේ බුදු දහම / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ බුද්ධාගම" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව, අඛණ්ඩව පැවති ගෙන ආ සඟ පරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සඟ සසුන, මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.