නොබැඳි ජාතීන්ගේ සංවිධානය
ප්‍රධාන බල කදවුරු වලට පක්ෂ නොවී සිටි රටවල් එක්ව පිහිටුවා ගත් සංවිධානය / From Wikipedia, the free encyclopedia
නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.[1]
නොබැඳි ජාතීන්ගේ සංවිධානය Non-Aligned Movement | |
---|---|
සාමාජික රටවල් නිරික්ෂණ රටවල් | |
මූලස්ථානය | ජකර්තා, ඉන්දුනීසියාව |
සාමාජිකත්වය[1] |
|
නායකයෝ | |
• මූලික තීරණයන්ට- එළැඹීමේ අවස්ථාව | නොබැඳි රටවල රාජ්‍ය ප්‍රධානී සමුළුවලදී[2] |
• මහ ලේකම් | Hassan Rouhani |
පිහිටුවීම | 1961 වසරේ පැවැති බෙල්ග්‍රේඩ් සමුළුවේදී |
වෙබ් අඩවිය csstc.org |
නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, සුකර්ණෝ; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව සීතල යුද්ධය ඇරඹීමත් සමග සෝවියට් දේශය සහ ඇමරිකාව ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.
වර්ථමානයේ ලෝකයේ රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.[3]