මාලදිවයින
From Wikipedia, the free encyclopedia
මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
මාලදිවයින් ජනරජය ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ (දිවෙහි රාජ්ජේ ජමහාරියා) | |
---|---|
අගනුවර සහ විශාලතම නගරය | මාලේ |
නිල භාෂා(ව) | (රාජ්‍ය භාෂා) දිවෙහි |
ජනවාර්ගික කණ්ඩායම් | (ජන වර්ග) ≈100% දිවෙහි[1][2][3] (විදේශිකයන් නොමැතිව) |
ආගම | (ආගම්) මුස්ලිම් 100% |
ජාති නාම(ය) | මාලදිවයින් ගැන තොරතුරු පමණයි |
රජය | (ආණ්ඩුක්රමය) ජනාධිපති ජනරජය |
• ජනාධිපති | අබ්දුල්ලා යමීන් |
• උප ජනාධිපති | මොහම්මඩ් ජමීල් අහමඩ් |
• කථානායක | අබ්දුල්ලා මෂී මොහොමඩ් |
• අග විනිසුරු | අබ්දුල්ලා ෂයීඩ් |
ව්‍යවස්ථාදායකය | (ව්‍යවස්ථාදායකය) මහජන මජ්ලිසය |
නිදහස | |
• එක්සත් රාජධානියෙන් | 1965 ජූලි 26 |
• වර්තමාන ව්‍යවස්ථාව | 2008 අගෝස්තු 7 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 298 km2 (115 sq mi) (206 වන) |
• ජලය (%) | (ජලයෙන් වැසුණු ප්‍රතිශතය) ≈95% |
ජනගහණය | |
• 2012 ජනවාරි ඇස්තමේන්තුව | (ජනගහනය) 328,536 [4] (175 වන) |
• ඝණත්වය | 1,102.5/km2 (2,855.5/sq mi) (11 වන) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | (දල දේශීය නිෂ්පාදනය) ඇමරිකන් ඩොලර් බිලියන 2.841 [5] (162 වන) |
• ඒක පුද්ගල | ඇමරිකන් ඩොලර් 8,731[5] (89 වන) |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | (දල දේශීය නිෂ්පාදනය - නාමික) ඇමරිකන් ඩොලර් බිලියන1.944 [5] |
• ඒක පුද්ගල | ඇමරිකන් ඩොලර් 5,973[5] |
මාසද (2011) | (මානව සංවර්ධන දර්ශකය) 0.661[6] දෝෂය: අනීතික HDI අගය · 109 වන |
ව්‍යවහාර මුදල | (මුදල් වර්ගය) මාලදිවයින් රුෆියා (MVR) |
වේලා කලාපය | UTC+5 |
දින ආකෘති | dd/mm/yy |
රිය ධාවන මං තීරුව | (වාහන පැදවීම) වමෙන් |
ඇමතුම් කේතය | 960 |
අන්තර්ජාල TLD | .mv |
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.
ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. "ඇටෝල්" (දිවෙහි - අතොල්හු) ලෙසින් හැඳින්වෙන මාලදිවයිනේ දූපත් පොකුරු වර්ග කිලෝමීටර 90,000 කට අධික සාගර කලාපයක් පුර විසිරී ඇති අතර, එය ලෝකයේ වඩාත්ම විසිරී ඇති රාජ්‍යයන් කිහිපයෙන් එකකි. මාලදිවයින කුඩා දූපත් 1192 කින් සමන්විත වන අතර, ඉන් 200ක් ජනාවාස වී ඇත. එහි සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන්නේ අගනුවර සහ විශාලතම නගරය වන මාලේ හි ය. මාලේ අතීතයේ සිටම මාලදිවයින් සුල්තාන් වරුන්ගේ සහ ඉස්ලාමය පැමිණීමට පෙර සිටි රජවරුන් ගේ අගනුවර ලෙස පැවතිනි.
ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.