සිංහල භාෂාව
ලංකාවේ වෙසෙන සිංහල ජනතාවගේ භාෂාව මෙන්ම ශ්රී ලංකාවේ මව් භාෂාව ද වේ / From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකාවේ ප්රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහල බසට බොහෝ දුරට සමාන භාෂාවකි. සිංහල ශ්රී ලංකාවේ නිල භාෂාවයි.
Quick Facts සිංහල, කලාපය ...
සිංහල | |
---|---|
සිංහල siṁhala | |
කලාපය | ශ්රී ලංකාව |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 20 (date missing) |
ඉන්දු-යුරෝපීය
| |
ලේඛන ක්රමය | සිංහල අබුගිඩා (බ්රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි) |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ශ්රී ලංකාව |
භාෂා කේත | |
ISO 639-1 | si |
ISO 639-2 | sin |
ISO 639-3 | sin |
Close
ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.සින්හල භාෂාවේ ස්වර 18 කි.