ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන නාමය වේ. වර්ථමාන ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ, නොබැදි විදේශ ප්රතිපත්තියයි.
සීතල යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹුණි. ඒ අනූව ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, එක්සත් ජනපදය, චීනය, පාකිස්තානය, ජපානය, මලයාසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්ථමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන් (ASEAN), අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යයි.
වර්ථමානයේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ සංවිධාන සමගද, බහුපාර්ශ්වීය සම්බන්ධතා ගොඩනගා ගෙන තිබේ. උදාහරණ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) සමග ශ්‍රී ලංකාව ගණුදෙණු කිරීම දැක්විය හැක. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාර්ක්), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ කොළඹ ක්‍රමය යන ලෝකයේ විවිධ සංවිධාන සහ සංගමයන් තුලද, ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වේ.