රාජකීය විද්‍යාලය, කොළඹ
1AB ශ්‍රේණියේ ජාතික පාසල / From Wikipedia, the free encyclopedia
රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්රමුඛ පාසලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.
Quick Facts රාජකීය විද්‍යාලය, කොළඹ 7, Location ...
රාජකීය විද්‍යාලය, කොළඹ 7 | |
---|---|
Location | |
, | |
තොරතුරු | |
වර්ගය | 1AB (ජාතික පාසල) |
ආදර්ශ පාඨය | ලතින්: Disce Aut Discede ඩිස්සෙ අඋට් ඩිස්සේඩි (උගනිවු නැතිනම් පිටවෙවු) |
ආරම්භ කලේ | 1835; වසර 189 කට පෙර (1835) |
ආදිකර්තෘ | ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් හා ජෝශප් මාශ් පියතුමා |
School code | RCC |
විදුහල්පති | එම්.වී.එස්. ගුණතිලක මහතා |
කාර්ය මණ්ඩලය | 800 |
ශ්‍රේණි | 1 සිට 13 ශ්‍රේණිය දක්වා |
බාලක/බාලිකා | බාලක |
වයස් පරාසය | 6 - 19 |
Enrollment | 9,000 |
වර්ණ(ය) | නාවික නිල් සහ රන්වන් |
Alumni | ආදි රාජකීයයන් |
පාඨය | ලතින්: Floreat ෆ්ලොරීට් (වැජඹේවා) |
වෙබ් අඩවිය | royalcollege.lk |
Close
එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 50ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.
මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.