2010 වි20 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් තරඟාවලිය / From Wikipedia, the free encyclopedia
2010 අයිසීසී ලෝක විස්සයි20 යනු තුන්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන අතර එය 2010 අප්‍රේල් 30 සහ මැයි 16 අතර බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරඟාවලියකි.[1] එහි ජය හිමිවූයේ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තයයි. තරගාවලියේ වීරයා ලෙස කෙවින් පීටර්සන් නම් කෙරිණි.
වි20 අයිසීසී පිරිමි ලෝක කුසලානය 2010 | |
---|---|
කාලය | 2010 අප්‍රේල් 30 – 2010 මැයි 16 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | කණ්ඩායම් අදියර සහ නොකවුට් |
සත්කාරකත්වය | බටහිර ඉන්දීය කොදෙව් |
ශූරයන් | එංගලන්තය (1 වන වරට) |
අනුශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | කෙවින් පීටර්සන් |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (302) |
වැඩිම කඩුලු | ඩිර්ක් නැනස් (14) |
නිල වෙබ් අඩවිය | aus2022.t20worldcup.com/ |
← 2021 2024 → |
2007 වසරේ ආරම්භ වී වසර දෙකකට වරක් මෙම තරගාවලිය පැවැත්වුවත්, 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී ශූරයන්ගේ කුසලාන එක්දින ජාත්‍යන්තර තරගාවලිය, 2008 වසරේ පාකිස්තානයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරක්ෂාව හේතුවෙන් කල්දැමීම හේතුවෙන් විස්සයි20 ක්‍රමයට සංශෝධනය විය. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ දින දර්ශනය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තිබුනා.[2]
මෙම අයිසීසී ලෝක විස්සයි20 ලෝක කුසලානය පැවතියේ අවසන් තරගයෙන් මාස 10කට පසුවයි. පෙර පරිදිම, තරඟාවලියට කණ්ඩායම් 12 ක් ඇතුළත් විය. ඒ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් වශයෙනි.. බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය, ගයනාවේ ප්‍රොවිඩන්ස් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය සහ ශාන්ත ලුසියා හි ග්‍රොස් අයිලට් හි බියුස්ජෝර් ක්‍රීඩාංගනය හි මෙම සම්පූර්ණ තරගවලිය පවත්වන ලදී.. මෙම තරඟාවලියට සමගාමීව කාන්තා තරඟාවලිය සංවිධානය කර තිබූ අතර පිරිමි අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ දෙකට පෙර කාන්තා තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ පැවැත්විය.
මෙම තරඟයේදී ඇෆ්ගනිස්ථානය ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට ප්‍රථම වරට පෙනී සිටි අතර, ඔවුන් අනුබද්ධ සාමාජිකත්වය (Affiliate member) පමණක් හිමිකරගෙන සිටි අතර පසුව ප්‍රධාන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වූ එකම අනුබද්ධ සාමාජිකයා බවට පත් වූ බැවින් එය වඩාත් කැපී පෙනෙන විය. .