ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
From Wikipedia, the free encyclopedia
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය (ඉංග්‍රීසි: Indus Valley Civilisation, IVC) යනු ඉන්දු ගං නිම්නයේ වැජඹුන ඓතිහාසික ශිෂ්ටාචාරයක් වේ. එය වර්තමාන පකිස්ථානයේ සින්ද් ප්‍ර දේශයේ සිට බටහිර බලාචිස්ටන් පලාතටත්, ඊසාන දිගින් සහ බටහිරින් ඉන්දියාවටද මායිම් වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නශ්ටාවශේෂ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ හා ඉරානයේ දකින්න පුළුවන. මෙම ශිෂ්ටාචාරයේ පරිනත කොටස හරප්පන් ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි. මෙහි පළමු නගරයේ කැණීම් පටන් ගත්තාට පසු හරප්පා කැණීම් 1900 සිට සිදුවූ අතර වර්තමාන වැදගත් සොයා ගැනීම් 1999දී සිදුකෙරුණි. මෙම ශිෂ්ඨාචාරය ඉන්දු ගඟ හක්රා ශීෂ්ඨාචාරය හා ඉන්දු සරස්වතී ශිෂ්ඨාචාරය යනුවෙන්ද හඳුන්වයි. එසේ හඳින්වීමට හේතු වී ඇත්තේ සෘග් වේදයේ සරස්වතී නදිය යනුවෙන් සඳහන් වන නිසා විය හැක. නමුත් මෙය භූගෝලත්මකව හා වාග් විද්‍යාත්මක තර්කයට හේතු වෙයි.
Quick Facts භූගෝලීය කලාපය, යුගය ...
භූගෝලීය කලාපය | ආසියාව |
---|---|
යුගය | ලෝකඩ යුගය |
දින | ආ. 3300 – ආ. 1300 BCE |
පසුගමනය වූයේ | වෛදික යුගය |
Close