ක්‍රිකට්
From Wikipedia, the free encyclopedia
ක්‍රිකට් යනු,ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ ක්‍රීඩා කරන ක්‍රිඩාවකි.මෙය මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙසද හදුන්වයි. මෙය ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවයි. ජාත්‍යන්තර පිටියක මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇති අතර පිටියේ අරය අවමය මීටර් 54ක් වේ.ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ හා ටෙස්ට් තරඟ වශයෙනි.ඊට අමතරව වර්තමානයේ T10,the Hundred,T5 වැනි තරඟ ද ක්‍රීඩා කරයි. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම විසින් පන්දු යැවීම හා ප්‍රතිවාදී පිළ ලකුණු රැස් කිරීම නැවැත්වීමට පන්දු රැකීම සිදු කරයි.මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. ටෙස්ට් තරඟයකදී පමණක් කණ්ඩායමට ඉනිම් 2ක් හිමිවේ. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා(Bowler) ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා(Batsman) වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලබයි. එවිට පන්දුව සීමාව පසුකර හෝ ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඩායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඩායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත (පිතිකරනය,පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී.
උසස්ම පාලන මණ්ඩලය | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය |
ගුණාංග | |
සම්බන්ධය | No |
කණ්ඩායම් සාමාජිකයෝ | එක් පිලකට ක්‍රීඩකයින් 11දෙනෙකු බැගින් (ඇතැම් අවස්ථාවල ආදේශ ක්‍රීඩකයින් සඳහා අවසර ලැබේ.) |
මිශ්‍ර ලිංග | කාන්තා හා පිරිමි වෙනම තරඟ. |
උපකරණ | ක්‍රිකට් පන්දුව, ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් කඩුල්ල (ක්‍රිකට් ඉනි, බේල්ස්), Various protective equipment |
ස්ථානය | ක්‍රිකට් පිටිය |
පද මාලාව | Glossary of cricket terms |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | Commonwealth and British territories |
ඔලිම්පික් | (1900 ගිම්හාන ඔලිම්පික් පමණි.) |
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි.
ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයේ ගිනිකොන දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC) තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව , ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.