මොළය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මිනිසා ඇතුළු සියලුම වර්ගවල සත්වයින්ගේ මොළයන් පිලිබඳ වේ. මනුෂ්‍ය මොළය ගැන සඳහා, මිනිස් මොළය බලන්න.
මොළය යනු සියලුම පෘෂ්ඨවංශික ජීවින්ගේ සහ බොහොමයක් අපෘෂ්ඨවංශික ජීවින්ගේ ද ස්නායු පද්ධතියේ මධ්‍යම අවයවයයි. ඇස්, කන් වැනි ප්‍රධාන සංවේදී ඉන්ද්‍රීයයන්ට ආසන්නව, හිස තුල මෙය පිහිටා ඇත. පෘෂ්ඨවංශීන්ගේ ශරීරයේ ඇති සංකීර්ණම අවයවය වන්නේ මොළය යි. මනුෂ්‍ය මොළයේ මස්තිෂ්ක වල්කයෙහි නියුරෝන බිලියන 14-16 ත් අතර ප්‍රමාණයක් ද, අනුමස්තිෂ්කයෙහි නියුරෝන බිලියන 55-70 ත් අතර ප්‍රමාණයක්ද අඩංගු වේ.