තරාදිසිය හා තරාදිලියම
From Wikipedia, the free encyclopedia
ප්රකාශ විදු පිටියෙහි, තරාදිසිය[1][2] හෙවත් විනිවිදභාවය හෝ පාරදෘෂ්යතාව හෝ (පෙල්යුසිඩිටි හෝ ඩයෆනේටි හෝ ලෙස දු හැඳින්වේ) යනු අලුවට එහි සැලැකියැ යුතු විසිරීමෙකින් තොර වැ යම් දැයෙක් හරහා යෑමට ඉඩ දීමේ භෞතික ගුණයයි. සාර්ව පරිමාණයෙන් (ෆෝටෝනවලැ තරංග ආයාමයට වඩා මානයන් විසල්තර වන) ෆෝටෝන ස්නෙල්ගේ නිය අනුයන බව කිවැ හැකි. තරාදිලියම[3] හෙවත් පාරභාසකත්වය[4] (තරදිලියාව හෝ ට්රාන්ස්ලුසිඩිටි හෝ ලෙස දු හැඳින්වේ) අලුවට යම් දැයෙක් හරහා යාමට ඉඩ සලසන්නේ නමුදු ඇවැසියෙන් මැ (නැවැතත්, සාර්ව පරිමාණයෙන්) ස්නෙල්ගේ නිය අනු නො යයි; ෆෝටෝන අතුරුමුහුණත් දෙකෙන් එකකැ දී හෝ අබතුරු වැ හෝ, පිළිබිඳුම් දර්ශකයේ වෙනසක් ඇති තැන්හි දී විසිරී යා හැකි. වෙනත් වදන් වලින් කිවහොත්, තරාදිලි දැයක් සෑදී ඇත්තේ නන් පිළිබිඳුම් දර්ශක සහිත සංරචක වලිනි. තරාදිසි දැයක් සෑදී ඇත්තේ එක්යුරු පිළිබිඳුම් දර්ශක සහිත සංරචක වලිනි.[5] තරාදිසි දෑ හරහා එක් පැහැයෙකැ සමස්ත පෙනුමක් හෝ සෑම පැහැයකැ මැ උදුල පැහැපතුරුවක් හෙවත් වර්ණාවලියක් තුළැ ඕනෑම සංයෝජනයක් හෝ පැහැදිලි වැ දිසේ. තරාදිලියමේ පිළිවිරුදු ගුණය වනුයේ පාරාන්ධතාවයයි.